මගේ සඳ ඔබ-නන්දා මාලනී-mage sada oba-Nanda malani

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ...

මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ

මගේ සඳ ඔබ...

හිරු මැකී යයි නීල අහසේ-අමිල පෙරේරා-Hiri makee yayi- Amila Perera

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

බිදුනු පෙම් හද නිවාලන්නට-ගුණදාස කපුගේ-bidunu pem hada-Gunadasa Kapuge

බිදුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ මංසලේ
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්

මතකයි හිත හැඬුවා එදා-ශිහාන් මිහිරංග-matakayi hitha haduwa eda-Shihan mihiranga

මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වෙලා
මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත නැවතුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
තුරුළු කරන් මගෙ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

හිතේ කොනක් හෙමිහිට හැඬුවා
තනිකම තනියට තනි නැතුවා
ඔබ එන මග බලලා
හඬනා නෙතු සඟවා
මගෙ හිත කොහිදෝ තනිවූවා
සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා
හීනෙට තුරුල් වෙලා
ඔබෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

එපා යළි හමුවන්න-සුනිල් එදිරිසිංහ-epa yali hamuwanna-Sunil Edirisinghe

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුමවූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

රෑ අහසේ තරු දිලෙන තරම්-ගයන්ත විජේරත්න-raa ahase dilena taram-Gayantha Wijerathna

රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ රැදෙනවනම්
විශ්වයේනම් නොවේ තවත්
මෙවන් සැනසුමක්
හදට උණුසුමක්

නුවන් තෙමී විසිරෙනා
නුබේ කදුලු පාකරන්න වැහි වළාවකින්
වැහි වැටෙන්න ලන් වෙනකොට
අකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්
වැටෙන වැටෙන වැහි බිදුගෙන
මා සගවන්නම්

මල් උයනක සැරි සරන්න
සමනළයනී ඉගිල එන්න නුබලට හැකිනම්
පන්හිද ළග තනි වෙනකොට
මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනහින්
ඇයට ඇහිද ගන්න දුරක වීසී කරාපන්

ගායනය-ගයන්ත විජේරත්න

ඔහු අයිති මටයි-නෙලූ අධිකාරි -ohu ayithi matayi- Nelu Adhikari

ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අප ළං කලේ දෙවියනි ඔබමයි
ඔහු වසඟ උනේ මිරිඟුවටයි
දෙවියනි මා හිමි නෙතු වැසුනේ ඇයි

සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි
පන නල විලසින් දිවි සවි රැක දෙයි
ගිලිහුණු සෙනෙහස සිත උමතු කරයි
ගත සම් මස් ලේ විනිවිඳ දුක දෙයි

අසරණිය මමම්යි මගෙ මුළු ලොවම ඔහුයි
ඔහු පාමුල මා පැතු තුසීතයයි
මේ විරහ දුකින් මා දිවි නොරැඳෙයි
දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි



ගායනය-නෙලූ අධිකාරි

Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors