සිතට හොර මන් ඔබේ වෙලා දැන්-රහල් අල්විස්-Sithata hora man-Rahal Alwis

සිතට හොර මන් ඔබේ වෙලා දැන්
ලොවට හොර මන් පෙම් කරන්නම්
ඇගේ නිසා මන් දුරින් හිදින්නම්
දුරට වෙලා මන් පෙම් කරන්නම්

වැටහෙන්න නෑ කදුළු වෙයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කදුලින් නුඹේ
සසලවයි සිත මගේ
කඳුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ  සිනා අතර මියැදෙන්නම් ඉතින් මන්
මියැදෙන්නම් ඉතින් මන්

පෙරදා මා රෑ අහසේ
පෑයූ සද සාවී
අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ....///
නුඹට දැනෙනවාද දන්නෙ නෑ මගේ ආදරේ


සිතට හොර මන්...

ගායනය : රහල් අල්විස්

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ-සුනිල් පෙරේරා-Oba dutu e mul dine-Sunil Perera

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයේ රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ

කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්

ගායනය : සුනිල් පෙරේරා
‍‍‍‍පසු ගායනය : දුශාන් ජයතිලක


මට කියන්න හැම දෙයක්ම-නදීක ජයවර්ධන-Mata Kiyanna-Nadeeka Jayawardena

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්

මට කියන්න...

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න...

‍‍‍‍ගායනය : නදීක ජයවර්ධන

නිහඬ ගමනේ මේතරම් දුර....බාචි සුසාන් , ශානිකා මදුමාලි-Nihada gamane-Bachi Susan & Shanika Madumali

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...

ප්‍රාර්තනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිභින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ

නිහඬ ගමනේ...

ගායනය :- බාචි සුසාන් , ශානිකා මදුමාලි
Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors