Showing posts with label Lahiru Perera / Abhisheka Wimalaweera. Show all posts

දෙකොපුල් කඳුලින් තෙමා-ළහිරු පෙරේරා / අභිෂේඛා විමලවීර-Dekopul kadulin thema-Lahiru Perera,Abhisheka Wimalaweera

දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ...

මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ
මගෙ ජීවිතේ ඉකි බිදී ඔබ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි
ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
ලං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ...

දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබෙ සිහිනවල මා හිඳී මගෙ සිහිනවල නුඹ හිඳී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ...

ගායනය-ළහිරු පෙරේරා / අභිෂේඛා විමලවීර



Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors