Showing posts with label Sidney Artigala. Show all posts

පැලේ වසන රන් මලී-සිඩ්නි ආටිගල-Pale wasana ran malee-Sidny Atigala

පැලේ වසන රන් මලී
මගේ සොඳුරු සිරිමලී
ඔබේ මියුරු ගී ඇසී ඇසී
මම සොයා එමී රන්මලී

වෙලේ දිළෙන රන් ගොයම් කරල්
ඔබේ හඬට යයි නැමී
වනේ පිපෙන මල් සිනාසිසී
ඔබේ දෙපා පොඩි සිඹී

ඇගේ සොඳුරු රන්මලී
එපා වුනත් සිරිමලී
ඔබේ මියුරු ගී ඇසී ඇසී
මම සොයා එමී රන්මලී

ඔබේ දිළිඳුකම යටයි සුදෝ
සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ සිනාවත් අගෙයි මටා
හෙළේ ඔටුන්නට වඩා

විලේ සොඳුරු රන්මලී
එපා වුනත් සිරිමලී
ඔබේ මියුරු ගී ඇසී ඇසී
මම සොයා එමී රන්මලී
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors