Showing posts with label Kasun Kalhara. Show all posts

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා -sathutin ithiri senehe mihiri-Nirosha Virajini, Umariya Singhawansha, Kasun Kalhara, Shihan mihiranga,

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරුසේ අම්මා නිවසේ
සුව සෑදූ හිරු සඳූ
අපහැම ලං කෙරූ
සෙනෙහේ අම්මාගේ...සෙනෙහේ අම්මාගේ...

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සිතැඟී හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සතුටින් ඉතිරී...




ගායනය- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා

රෑ අහසින්-කසුන් කල්හාර-Raa ahasin-Kasun Kalhara

රෑ අහසින් වැටෙනා බින්ඳු බින්ඳු පිණි බින්ඳු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්ඳු හඬනවා... නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

රෑ අහසින්...

අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න


ගායනය - කසුන් කල්හාර

සුසුම් පොදක් වී-කසුන් කල්හාර-Susum podak wee-Kasun Kalhara

සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සඳ හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා
හො හෝ හෝ හෝ...
හො හෝ හෝ හෝ...

මේ කුළු සේ විත් නිල් අහසේ බැඳි
ගිම්කල නිමවා හදට රහසේ බැඳී
මන කුමුදු විලේ පිපුනු
සුවඳ කුසුම නුඹ ‍සොඳුරු
මටත් හොරා නුඹ තියා ගිහින්
නෙත කඳුළු...

සුසුම් පොදක් වී...

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඟවී
මුදු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ
මට අස්වැසුම්...

සුසුම් පොදක් වී...

ගායනය - කසුන් කල්හාර

ඇරඹුමම කඳුලක් වෙලා-කසුන් කල්හාර-Arabumama kadulak wela-Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක්...

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක්...

ගායනය-කසුන් කල්හාර


Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors