Showing posts with label Mekala Gamage. Show all posts

මට දෙන්න මට දෙන්න-මේඛලා ගමගේ-Mata denna-Mekala Gamage

මට දෙන්න මට දෙන්න-මේඛලා ගමගේ-mata denna mata denna-Mekala Gamage


මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න

දෙතොල් පෙති හැඩ කරන සිනා රේඛා මවන
කැඩපතක මගේ රුව මොහොතකට දකින්නට
කදුලු බිදු සගවගෙන දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරුලුකර එක වරක් සිපගන්න

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න

ගී කියන විහගුන්ට රොන් උරන බඹරුන්ට
රහසේම මම සොයමි මල් පාට වු අරුම
වැහි ඉහින අහස මත බර දරන පොලොව උඩ
මගෙ හීන තබා යමි තවත් දවසක එන්න

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors