කවදා පායත්ද-නන්දා මාලනී-kawada payathda-nanda malani-pawana album



අනේ කූඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ
අපට නැත ඉන්නේ නිසාවෙනි අප තැවෙන්නේ
රජෙක් ලැබුනෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤං
පෙරහැර කරඤ්ඤං
සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං


කවදා පායත්ද අප දිනිසුරාණෝ
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
මුඩුබිමකට සරිලන ජල කඳාණෝ
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ


කවදා පායත්ද අප පුන් සඳාණෝ
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
මුසා බසින් අප නොපෙළන රජාණෝ


කවදා එත්ද අපගේ එක් නෙතාණෝ
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ
අප සමබිමක රඳවන සොහොයුරාණෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ



ගායනය-විශාරද නන්දා මාලනී

පද රචනයමහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනයනන්දා මාලිනී


දස මසක්-විශාරද නන්දා මාලනී-dasa masak-nanda malani-pawana album



දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා
වග වලසුන් ගෙන් පියෙකු ලබාවා

දැඩි වී වග වළසුන් අතරේ
වළසෙකු වී අවුදින් පුතුනේ
වීසිකරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ

සැතපී නයි පොළඟුන් දරණේ
පොළඟෙකු වී අවුදින් පුතුනේ
අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසන් පුතුනේ

 දස මසක් මා

ගායනය-විශාරද නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ගුණදාස කපුගේ

දන්සැල් දොරෙහි-නන්දා මාලනී-dasal dorehi-nanda malani-pawana album



දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක් නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැඳුනු ගිනිදණ්ඩේ දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරුවති අහෝ රතිඤ්ඤා
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා

දස රද දම් නිමිති පැවතී
නර පති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය -දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත -නැත අක්රමිකතා
වැඩෙයි සුහදතා-සුන්දරතා-සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද- පිල් බේද,-කුල වාද- දෑ වාද
නැත බදු බර-පවුල් බර- ජීවන බර
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා…//

දන්සැල් දොරෙහි
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors