එදා මෙදා තුර-සනත් නන්දසිරි-Eda meda thura-Sanath Nandasiri

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුලු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුලුපත් පලා කඳුලු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
ඊයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

ගායනය - සනත් නන්දසිරි 

සඳ තරු නිහඬයි-ඩබ්. ඩී. අමරදේව-Sanda tharu nihadayi-W.D.Amaradewa

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි...

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා


සඳ තරු නිහඬයි...

ගායනය - ඩබ්. ඩී. අමරදේව

රෝස කුසුමක් පිපී -සුනිල් එදිරිසිංහ-Rosa kusumak pipi-Sunil Edirisinghe

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුලුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා වදනින්
නොහැ‍ඟෙනා අරුතින්


රෝස කුසුමක් පිපී ...

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටි ඒ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපී ...

ගායනය - සුනිල් එදිරිසිංහ

කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා මාලිනී-Kadamandiye dola ayine-Nanda malani

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී...

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...


කඩමණ්ඩියේ දොළ අයිනේ...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි...



ගායනය - නන්දා මාලිනී

රෑ අහසින්-කසුන් කල්හාර-Raa ahasin-Kasun Kalhara

රෑ අහසින් වැටෙනා බින්ඳු බින්ඳු පිණි බින්ඳු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්ඳු හඬනවා... නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

රෑ අහසින්...

අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න


ගායනය - කසුන් කල්හාර

පිපිලා පරවෙන-විශාරද එඩ්වඩ් ජයකොඩි-Pipila parawena-Edward jayakody


සුසුම් පොදක් වී-කසුන් කල්හාර-Susum podak wee-Kasun Kalhara

සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සඳ හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා
හො හෝ හෝ හෝ...
හො හෝ හෝ හෝ...

මේ කුළු සේ විත් නිල් අහසේ බැඳි
ගිම්කල නිමවා හදට රහසේ බැඳී
මන කුමුදු විලේ පිපුනු
සුවඳ කුසුම නුඹ ‍සොඳුරු
මටත් හොරා නුඹ තියා ගිහින්
නෙත කඳුළු...

සුසුම් පොදක් වී...

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඟවී
මුදු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ
මට අස්වැසුම්...

සුසුම් පොදක් වී...

ගායනය - කසුන් කල්හාර

මට දෙන්න මට දෙන්න-මේඛලා ගමගේ-Mata denna-Mekala Gamage

සාගරය පරදා-ඉන්ද්‍රානි පෙරේරා-Sagaraya Parada-Indrani Perera


පැතු සෙනෙහේ සේයා රූ-පූර්ණ සචින්ත / කුෂාණි-Pathu senehe seya roo-Poorna Sachintha, Kushani Sandareka

පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළගටම තුරැළු වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා

කෝළම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නැවතී නම්
හිත ඈතින් ඈතට ආවම ළං වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා

පැතු සෙනෙහේ සේයා රූ...

මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
රැඳෙනා හිතේ සුසුමක් තරම්
සංසාරෙම හුරු ඒ සුවඳේ පැටලිලා
මගේ ජිවිත ගමනට ඔය නෙතු ඉඟිකලා

පැතු සෙනෙහේ සේයා රූ...

ගායනය-පූර්ණ සචින්ත / කුෂාණි

දුර ඈත අතීතයෙ-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි-Dura Atha atheethaye-Chandrasena Hettiarachchi


දෙකොපුල් කඳුලින් තෙමා-ළහිරු පෙරේරා / අභිෂේඛා විමලවීර-Dekopul kadulin thema-Lahiru Perera,Abhisheka Wimalaweera

දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ...

මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ
මගෙ ජීවිතේ ඉකි බිදී ඔබ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි
ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
ලං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ...

දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබෙ සිහිනවල මා හිඳී මගෙ සිහිනවල නුඹ හිඳී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ...

ගායනය-ළහිරු පෙරේරා / අභිෂේඛා විමලවීර



මීවිත පිරුනා මැදියම් රෑ-දිනේෂ් තරංග -Meewitha piruna-Dinesh Taranga

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළග සීතල මැවුනා
කඳුලක්‌ තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ

සියොලඟ තෙමුනා තුරුලට වී
සද ගිනිගත්තා උණුසුම් වී
මතකය පමණයි ඈ මියැදී
මේ තනි යහනේ මා තනිවී
නෙතු ළග සීතල මැවුනා
කඳුලක්‌ තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ

මීවිත පිරුනා මැදියම් රෑ...

වාවනු බෑ හිත ගිනිගත්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිලනෙතු නිහඬයි අද පියවී
නෙතු ළග සීතල මැවුනා
කඳුලක්‌ තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ

මීවිත පිරුනා මැදියම් රෑ...

ගායනය - දිනේෂ් තරංග

මතකද හැන්දෑවේ-රුවන් හෙට්ටිආරච්චි /රයිනි චාරුකා-Matakada handawe-Ruwan Hettiarachchi,Rayini Charuka

අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා

ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ

ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

ගායනය-රුවන් හෙට්ටිආරච්චි /රයිනි චාරුකා

හෙමින් සැරේ පියා විදා-ටී. එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර-Hemin sare piya wida-T.M.Jayarathna,Sunila Abesekara

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල  රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

පැලේ වසන රන් මලී-සිඩ්නි ආටිගල-Pale wasana ran malee-Sidny Atigala

පැලේ වසන රන් මලී
මගේ සොඳුරු සිරිමලී
ඔබේ මියුරු ගී ඇසී ඇසී
මම සොයා එමී රන්මලී

වෙලේ දිළෙන රන් ගොයම් කරල්
ඔබේ හඬට යයි නැමී
වනේ පිපෙන මල් සිනාසිසී
ඔබේ දෙපා පොඩි සිඹී

ඇගේ සොඳුරු රන්මලී
එපා වුනත් සිරිමලී
ඔබේ මියුරු ගී ඇසී ඇසී
මම සොයා එමී රන්මලී

ඔබේ දිළිඳුකම යටයි සුදෝ
සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ සිනාවත් අගෙයි මටා
හෙළේ ඔටුන්නට වඩා

විලේ සොඳුරු රන්මලී
එපා වුනත් සිරිමලී
ඔබේ මියුරු ගී ඇසී ඇසී
මම සොයා එමී රන්මලී

නව දැලි හේනක පෑව වැඳිරි රුව-සෝමතිලක ජයමහ-Nawa dali henaka-Somathilaka Jayamaha

නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
හිමිඋඅනි මට කල නොහැක නිගා

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කළණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රූ සිරි කුමටද
හද දුටු ජනපද කළණි නිසා

දුන්නු වේදනා මේ නෙතින් උදුරලා-නිරෝෂා විරාජිනී-Duk wedana-Nirosha Virajini

දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

පෑව මල් සිනා-නිලන්ත රාජේන්ද්‍ර-Pawa mal hina-Nilantha Rajendra

පෑව මල් සිනා ඔබ මට මා වශී වුනා ඔබ හට
තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ

නිලන වැසි සමේ ඉකි බිඳ හඬන සිත ​ම ගේ නුඹ ගැන
හීනය සිත යටම නිදි වරයි
හිතට හිත නැතත් නෙත ළඟ තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි

සුවඳ මල් නෙලා සැරසුව පාට හැඩ තියා ගැලපුව
මගේ නොවන සිත නුඹේ ළඟයි
කඳුළු තව තියේ සීතල හඬනවා ම නම් දෙනුවන
මගේ නෙතට හදවත කොඳුරයි

සඳ එළිය ගඟක් වී-නන්දා මාලිනී-Sanda eliya gagak wee-Nanda Malani

සඳ එළිය ගඟක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙන පිඩු නගයි
අනේ අපි කවාදාක පීනමුද ඒ ගඟේ

මල් සුවඳ රටක් වී
මා නුවන් සයුරේ
ඒ රටට අඬ ගසයි
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ

කිරි සිහින සඳක් වී
මා නුවන් අඹරේ
සිනා සී අත වනයි
අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ


මීදුමෙන් වැසී කදු යාය සලිත වී-සංතුශ් වීරමන් / නිරෝෂා වීරාජිනී-Meeduwmen wasee-Santhush weeraman, Nirosha Virajini

මීදුමෙන් වැසී කදු යාය සලිත වී
ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගේ ආද‍රෙන් හිනැහේවි ලං වෙවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැලවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වු මනමාලි

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නයි මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ


නීල නිම්නයේ ...


මුහුදු වෙරලේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුලු වී ඉගිලෙමි ආයේ

නීල නිම්නයේ ...

යදමින් බැඳ විළංගුලා-නන්දා මාලිනී-Yadamin bada wilangula-Nanda Malani

යදමින් බැඳ විළංගුලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසැල් වල අමනයින්
රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන්
එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි සිර ගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්

වහින්නට හැකිනම් ගිගුම් දී-නන්දා මාලිනී-Wahinnata hakinam gigum dee-Nanda Malani

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වල ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලා ගත හැකි වන මලක් වී

පුදන්නට හැකිනම් දෙනෙත් තුල
සදා වෙනසද සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

එපා වෙන්නට පෙර ඔබට-ලක්ෂ්මන් හේවාවිතාරණ-Epa wennata pera-Lakshman Hewawitharana


ලං වෙලා හිම සීතේ-උදේශ් ඉංදුල-Lanwela hima seethe-Udesh Indula


මං මුලාවී-ගුණදාස කපුගේ-Mam mula wee-Gunadasa Kapuge


රන් මුදුවට-චන්දන ලියනාරච්චි-Ran Muduwata-chandana Liyanaarachchi


වියෝ වූ පසුවයි දැනෙන්නේ-සුනිල් එදිරිසිංහ-Wiyo woo Pasuwayi-Sunil Edirisinghe


දිවුරාල පවසන්න-සෙන්ටිග්‍රේඩ්ස්-Diwurala Pawasanna-Centigradz


සඳුද අවදියෙන්-අමරසිරි පීරිස්-Saduda awadiyen -Amarasiri Piris


තරිඳු නැගෙන යාමේ-මිල්ටන් මල්ලවආරච්චි-Tarindu nagena yame-Milton Mallawarachchi


ප්‍රේමයේ මන්දහාසිනී-කරුණාරත්න දිවුල්ගනේ-Premaye Mandahasini-Karunarathna Divulgane


උදා ඉරක් සේ- ධම්මික එදිරිසිංහ

Uda Irak Se-Dammika Edirisinghe

පොඩි කාලෙ මරඳ වැල්ලේ-කිංස්ලි පීරිස් ( New mix)

Podi Kale - New mix-Kingsley Peiris

හිතේ කඳුළු-අප්සරා ද සිල්වා

Hithe Kadulu-Apsara De Silva

හිරුගේ රැස් හොරෙන් ගෙනැල්ලා-උමාරියා සිංහවංශ

Hiruge Ras Horen Genalla-Gahanu lamayi Theme song-Umariya sinhawansha


ඇරඹුමම කඳුලක් වෙලා-කසුන් කල්හාර-Arabumama kadulak wela-Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක්...

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක්...

ගායනය-කසුන් කල්හාර


පායා සීත රැයේ-විජය කුමාරතුංග-Paya seetha raye-Vijaya Kumarathunga

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවනේ

තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

පායා සීත...

මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

පායා සීත...

ගායනය-විජය කුමාරතුංග

පෙම් කවක් ලියූ නුඹ-කරුණාරත්න දිවුල්ගනේ-Pem kawak liyu nuba-Karunarathna Divulgane

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳි උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්න යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්න හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

පෙම් කවක්....

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොළවටයි හිමි වූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්....

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ

ඔය සුසුම් පවන් වැදී- චාමර වීරසිංහ-Oya susum pawan wadee- Chamara Weerasinghe


අහස ගුගුරා- නන්දා මාලනී-Ahasa gugura- Nanda Malani


සිනා පොදක් වී-දීපිකා ප්‍රියදර්ශනී පීරිස්-Sina podak wee-Deepika Priyadarshani


මටත් හොරෙන්- රෝහණ සිරිවර්ධන-Matath horen- Rohana Siriwardena


සිනා තොටක් විය- නිරෝශා විරාජිනී-Sina thotak wiya- Nirosha Virajini


සිනහ කෝ- උමාරියා සිංහවංශ-Sinaha ko-Umariya Singhawansha


ප්‍රේමයට නිම් හිම් නැති-දීපිකා ප්‍රියදර්ශනී පීරිස්-Premayata nimhim nathi-Deepika Priyadarshani


ඔබ ඉන්නවනම් ඉන්න මා ලඟ- අජිත් බණ්ඩාර-Oba innawanam-Ajith Bandara


ඔබ ආයෙමත් ඇවිදින්- අමරසිරි පීරිස්-Oba ayemath - Amarasiri Piris


නොඅසන්න හිමි සඳේ- චන්ද්‍රලේඛා පෙරේරා-Noasanna himi sade-Chandraleka Perera


නින්ද නේන රාත්‍රියේ- එච්.ආර්.ජෝතිපාල-Ninda nena ratriye-H.R.Jothipala


සිනා පොදක් වී-දීපිකා ප්‍රියදර්ශනී පීරිස්-Sina podak wee- Deepika Priyadarshani


සුන්දර රාත්‍රියක් මෙතරම්-චාමර වීරසිංහ


සිතුවිලි සිරවී-බණ්ඩාර අතාවුද-Sithuwili sira wee- Bandara Athawuda


අඳුරු අහසක රෑ කැටයම්-රකිත වෙලන්ගොඩ-Aduru ahasaka raa katayam- Rakitha Welangoda

අපි ආයෙත් හමු නොවුනා නම්-සෝමතිලක ජයමහ-api ayeth hamu nowuna nam- Somathilaka Jayamaha

අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු
නොවුනා නම්

ඔබ නාඳුනනා විරහ වේදනා

පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

අපි ආයෙත් හමු නොවුනා නම්...

සමුගන්නට නම් අහිමි ආදරෙන්

ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ


අපි ආයෙත් හමු නොවුනා නම්...

ගායනය-සෝමතිලක ජයමහ

මගේ සඳ ඔබ-නන්දා මාලනී-mage sada oba-Nanda malani

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ...

මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ

මගේ සඳ ඔබ...

හිරු මැකී යයි නීල අහසේ-අමිල පෙරේරා-Hiri makee yayi- Amila Perera

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

බිදුනු පෙම් හද නිවාලන්නට-ගුණදාස කපුගේ-bidunu pem hada-Gunadasa Kapuge

බිදුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ මංසලේ
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්

මතකයි හිත හැඬුවා එදා-ශිහාන් මිහිරංග-matakayi hitha haduwa eda-Shihan mihiranga

මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වෙලා
මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත නැවතුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
තුරුළු කරන් මගෙ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

හිතේ කොනක් හෙමිහිට හැඬුවා
තනිකම තනියට තනි නැතුවා
ඔබ එන මග බලලා
හඬනා නෙතු සඟවා
මගෙ හිත කොහිදෝ තනිවූවා
සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා
හීනෙට තුරුල් වෙලා
ඔබෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

එපා යළි හමුවන්න-සුනිල් එදිරිසිංහ-epa yali hamuwanna-Sunil Edirisinghe

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුමවූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

රෑ අහසේ තරු දිලෙන තරම්-ගයන්ත විජේරත්න-raa ahase dilena taram-Gayantha Wijerathna

රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ රැදෙනවනම්
විශ්වයේනම් නොවේ තවත්
මෙවන් සැනසුමක්
හදට උණුසුමක්

නුවන් තෙමී විසිරෙනා
නුබේ කදුලු පාකරන්න වැහි වළාවකින්
වැහි වැටෙන්න ලන් වෙනකොට
අකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්
වැටෙන වැටෙන වැහි බිදුගෙන
මා සගවන්නම්

මල් උයනක සැරි සරන්න
සමනළයනී ඉගිල එන්න නුබලට හැකිනම්
පන්හිද ළග තනි වෙනකොට
මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනහින්
ඇයට ඇහිද ගන්න දුරක වීසී කරාපන්

ගායනය-ගයන්ත විජේරත්න

ඔහු අයිති මටයි-නෙලූ අධිකාරි -ohu ayithi matayi- Nelu Adhikari

ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අප ළං කලේ දෙවියනි ඔබමයි
ඔහු වසඟ උනේ මිරිඟුවටයි
දෙවියනි මා හිමි නෙතු වැසුනේ ඇයි

සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි
පන නල විලසින් දිවි සවි රැක දෙයි
ගිලිහුණු සෙනෙහස සිත උමතු කරයි
ගත සම් මස් ලේ විනිවිඳ දුක දෙයි

අසරණිය මමම්යි මගෙ මුළු ලොවම ඔහුයි
ඔහු පාමුල මා පැතු තුසීතයයි
මේ විරහ දුකින් මා දිවි නොරැඳෙයි
දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි



ගායනය-නෙලූ අධිකාරි

බත කා ඉවරයි බලමින් උන්නොත්-සුනිල් එදිරිසිංහ-batha kaa iwarayi- Sunil Edirisinghe

බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

ගායනය-සුනිල් එදිරිසිංහ

යදමින් බැඳ විළංගුලා-නන්දා මාලනී-yadamin bada wilangu laa-Nanda malani

යදමින් බැඳ විළංගුලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් 
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසැල් වල අමනයින්
රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතුනුවන්
එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන් 
කුමටද මට මහ විරුවෙකි සිර ගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්
 

ගායනය-නන්දා මාලනී

මට දෙන්න මට දෙන්න-මේඛලා ගමගේ-mata denna mata denna-Mekala Gamage


මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න

දෙතොල් පෙති හැඩ කරන සිනා රේඛා මවන
කැඩපතක මගේ රුව මොහොතකට දකින්නට
කදුලු බිදු සගවගෙන දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරුලුකර එක වරක් සිපගන්න

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න

ගී කියන විහගුන්ට රොන් උරන බඹරුන්ට
රහසේම මම සොයමි මල් පාට වු අරුම
වැහි ඉහින අහස මත බර දරන පොලොව උඩ
මගෙ හීන තබා යමි තවත් දවසක එන්න

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න

දුර ඈත දින සමනල් වියේ-අමිල පෙරේරා-dura atha sanal wiye-Amila Perera


දුර ඈත දින සමනල් වියේ
මා සසල කල යුවතී
සිත් බැඳි සෙනේ මා සිරකරන්
මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුව ගෙනා
තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා

මා ජීවිතේ නැවතී
අන්දකාරේ මංමුලාවී
පාවෙමින් ගෙවු ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා
ලංවුනේ නොසිතූ ලෙසේ
උමතු වූ ආදරෙන් බැඳී
ගෙවුනු දින අද සිහිනෙකී
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකී


මිතුරු කැළ හැම සතුරු වී
ඈ මගෙන් උදුරා ගත් හැටී
මුලු දිවිය සැනෙකින් නතර වී
අදහනු නොහැකි සේ ඇද වැටී
ඉර හඳ තරුත් ගස් වැල් විලුත්
කලඹන්න මට සිතුනී

නිල බල ඇතත් රජකම ලදත්
දැන් මට කුමට ලඳුනී
පරම පිවිතුරු ආදරේ
සසර දින පැවතී
බිඳක්වත් නෑ අඩුවුනේ
වැඩිවුනා පමණී

ඔබ දුන්නු සතුටට වැඩි දුකක්
මා විඳින බැව් තනිවී
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී
යන්නෙ නෑ වෙන්වී

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී-ගුණදාස කපුගේ-oba pem karana obe kumari- Gunadasa Kapuge


ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේශෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මටද ආදරේ කියා තිබේ

 සක්මන් මලුවක දෙපා දොහොත් දී
දොඩමලු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ

සුළඟ නුඹ වගේ-කරුණාරත්න දිවුල්ගනේ-sulaga nuba wage- Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි


ගායනය-කරුණාරත්න දිවුල්ගනේ


Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors