Showing posts with label Samitha erandathi mudunkotuwa. Show all posts

බිඳී ගිය හිත හදා ගන්නට-සමිතා එරන්දතී මුදුන්කොටුව-bidi giya sitha hada gannata-Samitha erandathi mudunkotuwa


බිඳී ගිය හිත හදා ගන්නට එක වචනෙකට බැරිවුණා
රැවටුනායයි හිතා ගන්නට තාම මගේ හිත පැටලුනා
එක්ව සිටි අවසාන මොහොතක් කඳුළකින් දියවී ගියා
මට මගේ යැයි කියාගන්නට වෙන හිතක් තනියට ගියා

වළා පෙළකින් වැසී ගිය සඳ ආයෙමත් එබිකම් කලා
සඳට හොරැහින් වැටුනු කඳුලින් ජනේලය උඩ තෙත් කලා
මතක් කර කර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳවුනා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුනා

කවුරුවත් ලඟ නින්ද යන්නැති නෙතට කඳුළක් හිරවෙලා
මට මගේ යැයි අමතකව හිඳි පුරුදු ළය මත හැංගිලා
මතක් කර කර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳවුනා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුනා


ගායනය-සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය-ගෝතමී ඒකනායක
සංගීතය-ජගත් කරුණාජීව

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors