සීත මාරුතේ වෙලෙමින් - රුවන් හෙට්ටිආරච්චි-Seetha maruthe-Ruwan Hettiarachchi

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරෙයි කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැඟුමේ

සීත මාරුතේ...


යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුනේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ...

ගායනය - රුවන් හෙට්ටිආරච්චි

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී - රුවන් හෙට්ටිආරච්චි-Nodaka inna baa-Ruwan Hettiarachchi

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ... ඔබෙ ආදරේ...

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා
මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...


ගායනය - රුවන් හෙට්ටිආරච්චි

මේ සඳ උනත් පායා ඇවිත්-බුද්ධික උෂාන්-Me sada unath-Buddika Ushan

මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්‌සර වගේ එළිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම්දෝ...
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන් වේ...//


ආයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක්‌ කදුළුත් නෑ
රැය ආවත් මම නෑ...
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන්ම වේ...

ගායනය-බුද්ධික උෂාන්

දෑස තෙමිලා හීන පෙඟුනා-ඉන්ෆාස් ,ඉරාජ්-Dasa themila-Infaz & Iraj

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා

සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්‍රියේ

දෑස තෙමිලා හීන පෙඟුනා...

ගායනය : ඉන්ෆාස් ,ඉරාජ්

හිත වාවන්නේම නෑ-භාතිය සන්තුශ්-Hitha wawannema naa-Bhathiya & Santhush

හිත වාවන්නේම නෑ
ඔබ අයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා...

හිරුකෝඩු මැදියම් රෑ දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලඳේ...

දෑසත් පියාන ඉන්නෙ
බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ...

උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑ
තනි වෙන්න බෑ මට ඉතින්...

කෙහෙරල්ලේ ගෑවී ගෑවී
සුවඳ සෙව්වෙ මා එදා
ලං වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ...


ගායනය-භාතිය සන්තුශ්

කීවා සුලඟ මට කීවා කීවා-භාතිය සන්තුශ්, උරේශා රවිහාරි-Keewa sulaga mata keewa-Bhathiya , santhush, Nirosha Virajini

කීවා සුලඟ මට කීවා කීවා
සුළඟ හා ආවා කියා ඔයා 
කීවා සුලඟ මට කීවා කීවා 
පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදීතුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්ද මා...
 
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් විලස අමුනන්නද මා...
කීවා සුලඟ...

දෝරේ ගලනා...

හිත ගිය තැනක...


ගායනය-භාතිය සන්තුශ්, උරේශා රවිහාරි

අවසාන මොහොත මාගේ-භාචි සුසාන්-Awasana mohotha mage-Bachi Susan

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ

පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ
මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ
නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ

මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමඟ ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ

ගායනය-භාචි සුසාන්

අර වහිනා වරුසාවයි පිරෙනා-සෙන්ටිග්‍රේඩ්ස් -Ara Wahina-Centigradz

අර වහිනා...වරුසාවයි පිරෙනා
මා දෙනෙතේ...හෙට ඔබ නැති දා
තනියට මාගේ...මගේ ළඟින්...මා සිතේ
මේ රාත්‍රියේ...මල්වරවූ
කඩුපුල් මල ඔබදෝ...
මගේ හිත රිදෙනා
ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා...

මගේ හිත රිදෙනා
වැහි බිඳු නුඹ සිඹිනා
ඒ මොහොතේ...
මේ රාත්‍රියේ
මල්වරවූ
කඩුපුල් මල ඔබදෝ...
මගේ හිත රිදෙනා
ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා

ගායනය-සෙන්ටිග්‍රේඩ්ස්

තනි රැක්ක තනි රෝස මල් කල්පනා-සෙන්ටිග්‍රේඩ්ස්-Thani rakka-Centigradz

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා...

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඬලෙ පලසේ
ඔබෙ ආදරය පින්තාරු වේ...

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ

ඔබ නිදනාතුරු පපුතුරේ
සුවඳ දෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ...

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ දෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ...

ගායනය-සෙන්ටිග්‍රේඩ්ස්

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්-ආත්මා ලියනගේ-Penena nopenena-Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...

ගායනය-ආත්මා ලියනගේ
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors