Showing posts with label Somathilaka Jayamaha. Show all posts

නව දැලි හේනක පෑව වැඳිරි රුව-සෝමතිලක ජයමහ-Nawa dali henaka-Somathilaka Jayamaha

නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
හිමිඋඅනි මට කල නොහැක නිගා

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කළණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රූ සිරි කුමටද
හද දුටු ජනපද කළණි නිසා

අපි ආයෙත් හමු නොවුනා නම්-සෝමතිලක ජයමහ-api ayeth hamu nowuna nam- Somathilaka Jayamaha

අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු
නොවුනා නම්

ඔබ නාඳුනනා විරහ වේදනා

පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

අපි ආයෙත් හමු නොවුනා නම්...

සමුගන්නට නම් අහිමි ආදරෙන්

ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ


අපි ආයෙත් හමු නොවුනා නම්...

ගායනය-සෝමතිලක ජයමහ
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors