Showing posts with label Karunarathna Divulgane. Show all posts

ප්‍රේමයේ මන්දහාසිනී-කරුණාරත්න දිවුල්ගනේ-Premaye Mandahasini-Karunarathna Divulgane


පෙම් කවක් ලියූ නුඹ-කරුණාරත්න දිවුල්ගනේ-Pem kawak liyu nuba-Karunarathna Divulgane

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳි උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්න යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්න හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

පෙම් කවක්....

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොළවටයි හිමි වූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්....

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ

සුළඟ නුඹ වගේ-කරුණාරත්න දිවුල්ගනේ-sulaga nuba wage- Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි


ගායනය-කරුණාරත්න දිවුල්ගනේ


Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors