Showing posts with label Nirosha Virajini. Show all posts

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා -sathutin ithiri senehe mihiri-Nirosha Virajini, Umariya Singhawansha, Kasun Kalhara, Shihan mihiranga,

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරුසේ අම්මා නිවසේ
සුව සෑදූ හිරු සඳූ
අපහැම ලං කෙරූ
සෙනෙහේ අම්මාගේ...සෙනෙහේ අම්මාගේ...

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සිතැඟී හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සතුටින් ඉතිරී...




ගායනය- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා

දුන්නු වේදනා මේ නෙතින් උදුරලා-නිරෝෂා විරාජිනී-Duk wedana-Nirosha Virajini

දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

සිනා තොටක් විය- නිරෝශා විරාජිනී-Sina thotak wiya- Nirosha Virajini


Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors