එදා මෙදා තුර-සනත් නන්දසිරි-Eda meda thura-Sanath Nandasiri

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුලු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුලුපත් පලා කඳුලු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
ඊයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

ගායනය - සනත් නන්දසිරි 

සඳ තරු නිහඬයි-ඩබ්. ඩී. අමරදේව-Sanda tharu nihadayi-W.D.Amaradewa

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි...

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා


සඳ තරු නිහඬයි...

ගායනය - ඩබ්. ඩී. අමරදේව

රෝස කුසුමක් පිපී -සුනිල් එදිරිසිංහ-Rosa kusumak pipi-Sunil Edirisinghe

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුලුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා වදනින්
නොහැ‍ඟෙනා අරුතින්


රෝස කුසුමක් පිපී ...

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටි ඒ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපී ...

ගායනය - සුනිල් එදිරිසිංහ

කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා මාලිනී-Kadamandiye dola ayine-Nanda malani

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී...

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...


කඩමණ්ඩියේ දොළ අයිනේ...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි...



ගායනය - නන්දා මාලිනී

රෑ අහසින්-කසුන් කල්හාර-Raa ahasin-Kasun Kalhara

රෑ අහසින් වැටෙනා බින්ඳු බින්ඳු පිණි බින්ඳු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්ඳු හඬනවා... නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

රෑ අහසින්...

අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න


ගායනය - කසුන් කල්හාර
Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors