Showing posts with label Amila Perera. Show all posts

හිරු මැකී යයි නීල අහසේ-අමිල පෙරේරා-Hiri makee yayi- Amila Perera

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

දුර ඈත දින සමනල් වියේ-අමිල පෙරේරා-dura atha sanal wiye-Amila Perera


දුර ඈත දින සමනල් වියේ
මා සසල කල යුවතී
සිත් බැඳි සෙනේ මා සිරකරන්
මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුව ගෙනා
තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා

මා ජීවිතේ නැවතී
අන්දකාරේ මංමුලාවී
පාවෙමින් ගෙවු ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා
ලංවුනේ නොසිතූ ලෙසේ
උමතු වූ ආදරෙන් බැඳී
ගෙවුනු දින අද සිහිනෙකී
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකී


මිතුරු කැළ හැම සතුරු වී
ඈ මගෙන් උදුරා ගත් හැටී
මුලු දිවිය සැනෙකින් නතර වී
අදහනු නොහැකි සේ ඇද වැටී
ඉර හඳ තරුත් ගස් වැල් විලුත්
කලඹන්න මට සිතුනී

නිල බල ඇතත් රජකම ලදත්
දැන් මට කුමට ලඳුනී
පරම පිවිතුරු ආදරේ
සසර දින පැවතී
බිඳක්වත් නෑ අඩුවුනේ
වැඩිවුනා පමණී

ඔබ දුන්නු සතුටට වැඩි දුකක්
මා විඳින බැව් තනිවී
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී
යන්නෙ නෑ වෙන්වී

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors