අර වහිනා වරුසාවයි පිරෙනා-සෙන්ටිග්‍රේඩ්ස් -Ara Wahina-Centigradz

අර වහිනා...වරුසාවයි පිරෙනා
මා දෙනෙතේ...හෙට ඔබ නැති දා
තනියට මාගේ...මගේ ළඟින්...මා සිතේ
මේ රාත්‍රියේ...මල්වරවූ
කඩුපුල් මල ඔබදෝ...
මගේ හිත රිදෙනා
ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා...

මගේ හිත රිදෙනා
වැහි බිඳු නුඹ සිඹිනා
ඒ මොහොතේ...
මේ රාත්‍රියේ
මල්වරවූ
කඩුපුල් මල ඔබදෝ...
මගේ හිත රිදෙනා
ඒ මොහොතේ වැහි බිඳු නුඹ සිඹිනා

ගායනය-සෙන්ටිග්‍රේඩ්ස්

තනි රැක්ක තනි රෝස මල් කල්පනා-සෙන්ටිග්‍රේඩ්ස්-Thani rakka-Centigradz

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා...

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඬලෙ පලසේ
ඔබෙ ආදරය පින්තාරු වේ...

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ

ඔබ නිදනාතුරු පපුතුරේ
සුවඳ දෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ...

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ දෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ...

ගායනය-සෙන්ටිග්‍රේඩ්ස්

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්-ආත්මා ලියනගේ-Penena nopenena-Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...

ගායනය-ආත්මා ලියනගේ
Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors