Showing posts with label Shihan mihiranga. Show all posts

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා -sathutin ithiri senehe mihiri-Nirosha Virajini, Umariya Singhawansha, Kasun Kalhara, Shihan mihiranga,

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරුසේ අම්මා නිවසේ
සුව සෑදූ හිරු සඳූ
අපහැම ලං කෙරූ
සෙනෙහේ අම්මාගේ...සෙනෙහේ අම්මාගේ...

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සිතැඟී හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සතුටින් ඉතිරී...




ගායනය- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා

මතකයි හිත හැඬුවා එදා-ශිහාන් මිහිරංග-matakayi hitha haduwa eda-Shihan mihiranga

මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වෙලා
මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත නැවතුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
තුරුළු කරන් මගෙ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

හිතේ කොනක් හෙමිහිට හැඬුවා
තනිකම තනියට තනි නැතුවා
ඔබ එන මග බලලා
හඬනා නෙතු සඟවා
මගෙ හිත කොහිදෝ තනිවූවා
සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා
හීනෙට තුරුල් වෙලා
ඔබෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors