අවුරුදු දෙදහස් පන්සීයක්-නන්දා මාලනී-awurudu dedahas panseeyak-Nanda Malani-pawana album



අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී

අවුරුදු දෙදහස්

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී
මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී

ගායනය-විශාරද නන්දා මාලනී
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:- ස්ටැන්ලි පීරිස්

Leave a Reply

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors