Showing posts with label Nirosha Wirajini. Show all posts

මීදුමෙන් වැසී කදු යාය සලිත වී-සංතුශ් වීරමන් / නිරෝෂා වීරාජිනී-Meeduwmen wasee-Santhush weeraman, Nirosha Virajini

මීදුමෙන් වැසී කදු යාය සලිත වී
ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගේ ආද‍රෙන් හිනැහේවි ලං වෙවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැලවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වු මනමාලි

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නයි මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ


නීල නිම්නයේ ...


මුහුදු වෙරලේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුලු වී ඉගිලෙමි ආයේ

නීල නිම්නයේ ...
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors