Showing posts with label Santhush Weeraman. Show all posts

හිත වාවන්නේම නෑ-භාතිය සන්තුශ්-Hitha wawannema naa-Bhathiya & Santhush

හිත වාවන්නේම නෑ
ඔබ අයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා...

හිරුකෝඩු මැදියම් රෑ දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලඳේ...

දෑසත් පියාන ඉන්නෙ
බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ...

උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑ
තනි වෙන්න බෑ මට ඉතින්...

කෙහෙරල්ලේ ගෑවී ගෑවී
සුවඳ සෙව්වෙ මා එදා
ලං වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ...


ගායනය-භාතිය සන්තුශ්

කීවා සුලඟ මට කීවා කීවා-භාතිය සන්තුශ්, උරේශා රවිහාරි-Keewa sulaga mata keewa-Bhathiya , santhush, Nirosha Virajini

කීවා සුලඟ මට කීවා කීවා
සුළඟ හා ආවා කියා ඔයා 
කීවා සුලඟ මට කීවා කීවා 
පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදීතුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්ද මා...
 
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් විලස අමුනන්නද මා...
කීවා සුලඟ...

දෝරේ ගලනා...

හිත ගිය තැනක...


ගායනය-භාතිය සන්තුශ්, උරේශා රවිහාරි

මීදුමෙන් වැසී කදු යාය සලිත වී-සංතුශ් වීරමන් / නිරෝෂා වීරාජිනී-Meeduwmen wasee-Santhush weeraman, Nirosha Virajini

මීදුමෙන් වැසී කදු යාය සලිත වී
ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගේ ආද‍රෙන් හිනැහේවි ලං වෙවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැලවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වු මනමාලි

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නයි මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ


නීල නිම්නයේ ...


මුහුදු වෙරලේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුලු වී ඉගිලෙමි ආයේ

නීල නිම්නයේ ...
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors