සීත මාරුතේ වෙලෙමින් - රුවන් හෙට්ටිආරච්චි-Seetha maruthe-Ruwan Hettiarachchi

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරෙයි කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැඟුමේ

සීත මාරුතේ...


යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුනේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ...

ගායනය - රුවන් හෙට්ටිආරච්චි

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී - රුවන් හෙට්ටිආරච්චි-Nodaka inna baa-Ruwan Hettiarachchi

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ... ඔබෙ ආදරේ...

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා
මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...


ගායනය - රුවන් හෙට්ටිආරච්චි

මේ සඳ උනත් පායා ඇවිත්-බුද්ධික උෂාන්-Me sada unath-Buddika Ushan

මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්‌සර වගේ එළිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම්දෝ...
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන් වේ...//


ආයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක්‌ කදුළුත් නෑ
රැය ආවත් මම නෑ...
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන්ම වේ...

ගායනය-බුද්ධික උෂාන්
Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors