හීං වැස්සක් බිමට බැහැලා-ශශිකා නිසංසලා--Heen wassak Bimata Bahala-Shashika Nisansala


යන තැනක යන්න සෑමදා-මිහිඳු ආරියරත්න-yana thanaka yanna samadaa-Mihindu Ariyarathna


බිඳී ගිය හිත හදා ගන්නට-සමිතා එරන්දතී මුදුන්කොටුව-bidi giya sitha hada gannata-Samitha erandathi mudunkotuwa


බිඳී ගිය හිත හදා ගන්නට එක වචනෙකට බැරිවුණා
රැවටුනායයි හිතා ගන්නට තාම මගේ හිත පැටලුනා
එක්ව සිටි අවසාන මොහොතක් කඳුළකින් දියවී ගියා
මට මගේ යැයි කියාගන්නට වෙන හිතක් තනියට ගියා

වළා පෙළකින් වැසී ගිය සඳ ආයෙමත් එබිකම් කලා
සඳට හොරැහින් වැටුනු කඳුලින් ජනේලය උඩ තෙත් කලා
මතක් කර කර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳවුනා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුනා

කවුරුවත් ලඟ නින්ද යන්නැති නෙතට කඳුළක් හිරවෙලා
මට මගේ යැයි අමතකව හිඳි පුරුදු ළය මත හැංගිලා
මතක් කර කර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳවුනා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුනා


ගායනය-සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය-ගෝතමී ඒකනායක
සංගීතය-ජගත් කරුණාජීව

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා -sathutin ithiri senehe mihiri-Nirosha Virajini, Umariya Singhawansha, Kasun Kalhara, Shihan mihiranga,

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරුසේ අම්මා නිවසේ
සුව සෑදූ හිරු සඳූ
අපහැම ලං කෙරූ
සෙනෙහේ අම්මාගේ...සෙනෙහේ අම්මාගේ...

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සිතැඟී හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...

සතුටින් ඉතිරී...




ගායනය- නිරෝෂා/කසුන්/ශිහාන්/උමාරියා

ඉගිල්ලී යයි කුරුල්ලෝ-කාවින්ද්‍යා අධිකාරි-igilli yayi kurullo- Kawindhya Adhikari

ඉගිල්ලී යයි කුරුල්ලෝ
පියඹා උන් නිදැල්ලේ
නීල ගගනේ සොඳුරු සුළගේ
නිම්හිම් නොවේ
සොයා යන්නේදෝ...ප්‍රේමයක්

ඡන්න කින්නරාවී පායාවී සාදරෙන්
ඉන්ද්‍රචාපයාණන් සසැලේවී ආදරෙන්
සල් සපු නා මල් පිපී
ඒ සුවඳින් විල් පිරේ
නැළවේවී සිනාසේවී කෞමතී

මණිමේඛලාවන් ආදරෙන් කී ගායනා
හද වේදනාවන් හී සරින් දෙයි පෙම් සිනා
මල් වරුසාවන් වැටී
සල් සපු නාවන් පිපී
ළංවේවී ගලා යාවී විල් නදී
සොයා යන්නේදෝ...ප්‍රේමයක්


ගායනය-කාවින්ද්‍යා අධිකාරි
පද රචනය-තුෂාරි අබේසේකර
සංගීතය-රුක්ශාන් සුභසිංහ


 

ඔබ මා හමුවුනදා දෑත් දරා-oba ma hamuwana daa (oba as piya nohela)-Shashika Nisansala

ඔබ මා හමුවුනදා දෑත් දරා
පෙර භවයක බැඳුනා මෙන් බැඳුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා මට ආදරෙයි කියා

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔඛෙ දෑස් දිහා

සන්සුන් සිතින් සිතමී මුළු රෑ පුරා
දැනෙනා හැඟුම් විඳිමී සිහිනේ සරා
දිගු රැය දිගේ ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා

ඔබ ඇස්පිය නොහෙලා...

සිත්මල් දෙකක් ලංවී සිතැඟී පුරා
කොඳුරා වදන් රැඳෙමී සඟවා නුරා
සඳ දිය පිරේ ඇසිපිය ඇරේ
පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා

ඔබ ඇස්පිය නොහෙලා...

ගායනය-ශෂිකා නිසංසලා


Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors