කවදා පායත්ද-නන්දා මාලනී-kawada payathda-nanda malani-pawana album



අනේ කූඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ
රජෙක් ලැබුනෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤං
පෙරහැර කරඤ්ඤං
සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං


කවදා පායත්ද අප දිනිසුරාණෝ
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
මුඩුබිමකට සරිලන ජල කඳාණෝ
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ


කවදා පායත්ද අප පුන් සඳාණෝ
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
මුසා බසින් අප නොපෙළන රජාණෝ


කවදා එත්ද අපගේ එක් නෙතාණෝ
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ
අප සමබිමක රඳවන සොහොයුරාණෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ



ගායනය-විශාරද නන්දා මාලනී

පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය – නන්දා මාලිනී


Leave a Reply

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors