Showing posts with label Poorna Sachintha/ kushani. Show all posts

පැතු සෙනෙහේ සේයා රූ-පූර්ණ සචින්ත / කුෂාණි-Pathu senehe seya roo-Poorna Sachintha, Kushani Sandareka

පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළගටම තුරැළු වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා

කෝළම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නැවතී නම්
හිත ඈතින් ඈතට ආවම ළං වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා

පැතු සෙනෙහේ සේයා රූ...

මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
රැඳෙනා හිතේ සුසුමක් තරම්
සංසාරෙම හුරු ඒ සුවඳේ පැටලිලා
මගේ ජිවිත ගමනට ඔය නෙතු ඉඟිකලා

පැතු සෙනෙහේ සේයා රූ...

ගායනය-පූර්ණ සචින්ත / කුෂාණි
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors