අවසාන මොහොත මාගේ-භාචි සුසාන්-Awasana mohotha mage-Bachi Susan

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ

පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ
මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ
නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ

මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමඟ ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ

ගායනය-භාචි සුසාන්

Leave a Reply

Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors