මාස්ටර් බයිලා-බුදුන් දහම්-නන්දා මාලනී-master bayila-budhun daham-nanda malani-pawana album



බුදුන් දහම් සඟ තෙරුවණ-වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ-රටක ගැයෙන විරිඳු සුරල්
කේන්තියට කියන විරිඳු

මේ අනාථ රට ඉස්සර-සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා-උතුම් හිතින් දෙතුන් විටක්
බුදුන් උන්නෙ එහා රටේ

රට රටවල මහ ඇත්තන්-පතල මහා කරුණාවට
ඇවිත් එරට කළ කොඩිවින-කපන්ට බැහැ මේ කපේට
කාගෙත් ඇස් යොමු වුනු රට

ගෙරි හංකඩ එලා ගන්ට-කොළඹට පරංගියා
අපේ රටම හූරාගෙන-උගේ රටට අරන් ගියා
කොයි පරයත් එහෙම තමයි

ඉඟුරු දීලා මිරිස් ගත්ත-මෝඩ අපේ රජ දරුවෝ
ලන්දේසින් ඉංග්රීසින්-කැන්දාගෙන වින කෙටුවෝ
ඒක සැබැයි සැබැයි සැබැයි

බේරගන්ට පුළුවන් නම්-රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන්-පරයි එක්ක නිදි වදින්න
රජ පුටුවේ මළත් සැපයි

එදත් අදත් හෙටත් මිතුරු-වෙස් අරගෙන පරයි එනවා
දළදා මාළිගෙත් අරන්-උන් දවසක යන්ට යනවා
හෙටත් වෙන්න ඉඩ තියෙනවා

කා ගන්නා අතර එකම-රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනවා තළු මරනවා-අල්ලපු රටවල හොටබරි
උකස් කරන රන් දූපත

පරෙයියන්ගෙ වෙස් ගත්තත්-පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක්-උන් ඒවිද පිහිට වෙන්ට
පෙරුම් පුරන බෝසත්වරු

පෘතුගීසි ලන්දේසී-ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත්-මොකටද ලක් මෑණි මගේ
පව අප පිට වැටේවි

රට වටකර වැට බඳින්ට-කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට-මන්න පහර දෙන්ට වෙනව
සාධාරණ පහරදීම

සිහළු අපේ දෙමළු අපේ-මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ-පරයන්ගේ බොටුව කැපේ
අනාථ රට සනාථ වෙයි

Leave a Reply

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors